Search This Blog

Sunday, April 28, 2013

PC එකේ internet connection එක Wifi වලින් Android Phone එකට share කරමුද....?

ඩොන්ගල් එකකින් හරි වයර් කනෙක්ෂන් එකකින් හරි ඉන්ටර්නෙට් යන අයට තමන්ගේ Android phone එකෙනුත් ඒ හා සමාන වේගයකින් නෙට් යන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්. මොබයිල් ඉන්ටර්නෙට් වල ස්පීඩ් එකයි කොස්ට් එකයි සළකන ​කොට pc එකේ නෙට් කනෙක්ෂන් එකම phone එකටත් ගන්න තියෙනවනම් කියලා හිතෙනවා.​ අපි සාමාන්‍යයෙන් wifi සහිත පරිගණක දෙකක් අතර හදන Ad hoc Network කියන option එක මේකෙදි හරියන්​නෙ නෑ. මොකද Android වලට මේ Ad hoc Network අදුර ගන්න බෑ.

      කොහොම උනත් WiFi Hotspot එකකින් පුලුවන් මේ වැඩේ කරන්න...​බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.........


මේකට අපිට ඕන :-
  • Internet connection සහිත පරිගනකයක්.( Laptop/ Desktop)
  • Wifi on කරපු Android phone එකක්.



1.මුලින්ම Virtual Wifi Router install කරන්න.
2.ඊට පස්සේ notification tray එකේ R අකුරක් පෙනෙයි...ඒක ක්ලික් කරලා application එක open කරන්න.




3.ඊට පස්සේ Share Net from කියන option එකෙන් අපිට share කරන්න ඕන connection එක තෝරන්න ඕන.




4. Configure බට්න් එක ක්ලික් කරලා කනෙක්ෂන් Name එකයි Password එකයි දීලා setup hotspot ක්ලික් කරන්න.



  5. hotspot එක start කලාට පස්සේ pop up baloon එකක් එයි පහළ වගේ.



6. දැන් phone එකේ Wifi ඔන් කරලා Scan කරන්න. ඔයාලගේ hotspot name එක පෙන්නයි. password එක දීලා connect වෙන්න.



වැඩේ කරලා බලලා comment එකක් දෙන්න.